Monday, August 15, 2016

මකර රජදහන - 02

ඔන්න මායාබන්ධන මකර රජදහන 02 කොටස සඳහා උපසිරැසි අරන් ආවා. ඉතින් කොහොමද 01 කොටස වෙනුවෙන දීපු උපසිරැසි? වැරදි අඩුපාඩු නම් ටිකක් තියෙන්න ඇති. ඒ වුනත් මං හිතනවා රසවින්දනයට බාධා වෙන තරමේ අඩුපාඩු නම් තියෙන්න නැතුව ඇති කියලා.

කොහොම නමුත් පළමු කොටස ගැන පොඩි විස්තරයක් කරන්නම්. කාල්, විකී, කැතී, ජෝෂ් කියන්නේ එක පවුලක්. ඉතින් මේ කට්ටිය නිවාඩුවක් ගතකරන්න කඳවුරකට යනවා පොඩ්ඩක් කැලෑව පැත්තට වෙන්න. ඉතින් මේ කඳවුර කැතීට නම් එච්චර සතුටක් ගේන්නෙ නෑ. මොකද අම්මා කඳවුරේ ඉඳගෙනත් වැඩ කරනවා. තාත්තයි පුතයි දෙන්නා එකතු වෙලා සෙල්ලම් කරනවා. කැතී පැත්තක් ගහලා ඉන්නවා. මේ නිසා කැතී ඉන්නෙ පොඩ්ඩක් අවුලෙන්. කොහොම නමුත් පොඩි හේතුවක් නිසා කැතී පොඩ්ඩක් අප්සට් ගහලා කැලෑව පැත්තට ගිහින් තනියම ඉන්නවා. මේ අතර කැතී ටිකක් අමුතු විදිහේ බෝට්ටුවක් දකිනවා. පොඩ්ඩක් අතපත ගාලා බලන්න හිතිලා ඒකට නගිනවා. නැගලා තියෙන කෑලිබෑලි ටිකක් එහේ මෛහේ කරලා බලනවා. මේ අතර බෝට්ටුවේ අයිතිකාරයාත් දුවගෙන ඇවිල්ලා බෝට්ටුවට පැනගන්නවා. නමුත් බෝට්ටුව කැතිත් අරගෙනම අතුරුදන් වෙනවා. ජෝෂ් මේ සිද්ධිය දකිනවා. සිද්ධිය දෙමාපියන්ට කීවට පිළිගන්නේ නෑ. එයාලා හිතන්නේ ඔලුව වැදුන නිසා ජෝෂ් පිස්සු කෙලිනවා කියලා. නමුත් අවසානයේදි තේරෙනවා කැතී ඇත්තටම නැතිවෙලා කියලා. නමුත් ජෝෂ් කියන දේ අහන්න එයාලා ලෑස්ති නෑ.

ඉතින් මේ බෝට්ටුව මොකක්ද? මාලු අල්ලන්න යන එකක් නෙමෙයි. මේක හදලා තියෙන්නේ මෙක් කියලා විද්‍යාඥයෙක්. එයා ජීවත් වෙන්නේ මකර අධිරාජයාගේ රාජධානියේ. ඉතින් මේ මකර රාජධානිය කියන්නේ වෙනත් ලෝකයක්. වෙනත් මානයක්. මේ බෝට්ටුවෙන් වෙන්නේ මානයන් අතර තියෙන විවිධ ලෝක අතරේ ගමන් කරනවා. මෙක් එයාගෙ පළවෙනි චාරිකාවෙදි තමයි මේ බෝට්ටුවෙන් කැතීගෙ ලෝකෙට ආවේ.

ඉතින් කැතී කෑලි බෑලි එහේ මෙහේ කරද්දි මේ බෝට්ටුවේ සැකසුම් නැත්තන් Settings හැදිලා තියෙන්නේ මායාබන්ධකයන්ගේ දේශයට. Land of the Spellbinder. ඉතින් මෙක්වයි කැතීවයි අරගෙන බෝට්ටුව ගියේ මායාබන්ධකයන්ගේ දේශයට. එහේදි නියම භාණ්ඩය මෙයාලට සෙට් වෙනවා. ඒ තමයි අශ්කා. කොහොම හරි ගැටයක් ගහලා අශ්කා කැතීවයි මෙක්වයි එක්ක මකර අධිරාජයාගේ රාජධානියට පැනගන්නවා.

ඊට පස්සේ මොකද වෙන්නෙ කියලා දැනගන්න නම් මේ කොටස බලන්නම වෙයි. මේ කොටස පරිවර්තනය කරලා ලියලා දුන්නේ මගේ නංගි. නිශාරා මධුවන්ති. එයාටත් ස්තූතිය දෙන ගමන්ම ලිපිය ඉවර කරනවා. එහෙනම් 03 වෙනි කොටසටත් උපසිරැසිය අරගෙන ඉක්මනින්ම එනකන් මායාබන්ධන රසික රසිකාවියන්ට ජය වේවා!!!

සිංහල උපසිරැසිය මෙතනින් බාගන්න.


අවශ්‍ය නම් ටොරන්ට් ෆයිල් එක මෙතනින් බාගන්න


Hash : 08B97BC00DEAFC4343A753B613612CD6E41EF180


Magnet