Monday, August 15, 2016

මකර රජදහන - 02

ඔන්න මායාබන්ධන මකර රජදහන 02 කොටස සඳහා උපසිරැසි අරන් ආවා. ඉතින් කොහොමද 01 කොටස වෙනුවෙන දීපු උපසිරැසි? වැරදි අඩුපාඩු නම් ටිකක් තියෙන්න ඇති. ඒ වුනත් මං හිතනවා රසවින්දනයට බාධා වෙන තරමේ අඩුපාඩු නම් තියෙන්න නැතුව ඇති කියලා.

කොහොම නමුත් පළමු කොටස ගැන පොඩි විස්තරයක් කරන්නම්. කාල්, විකී, කැතී, ජෝෂ් කියන්නේ එක පවුලක්. ඉතින් මේ කට්ටිය නිවාඩුවක් ගතකරන්න කඳවුරකට යනවා පොඩ්ඩක් කැලෑව පැත්තට වෙන්න. ඉතින් මේ කඳවුර කැතීට නම් එච්චර සතුටක් ගේන්නෙ නෑ. මොකද අම්මා කඳවුරේ ඉඳගෙනත් වැඩ කරනවා. තාත්තයි පුතයි දෙන්නා එකතු වෙලා සෙල්ලම් කරනවා. කැතී පැත්තක් ගහලා ඉන්නවා. මේ නිසා කැතී ඉන්නෙ පොඩ්ඩක් අවුලෙන්. කොහොම නමුත් පොඩි හේතුවක් නිසා කැතී පොඩ්ඩක් අප්සට් ගහලා කැලෑව පැත්තට ගිහින් තනියම ඉන්නවා. මේ අතර කැතී ටිකක් අමුතු විදිහේ බෝට්ටුවක් දකිනවා. පොඩ්ඩක් අතපත ගාලා බලන්න හිතිලා ඒකට නගිනවා. නැගලා තියෙන කෑලිබෑලි ටිකක් එහේ මෛහේ කරලා බලනවා. මේ අතර බෝට්ටුවේ අයිතිකාරයාත් දුවගෙන ඇවිල්ලා බෝට්ටුවට පැනගන්නවා. නමුත් බෝට්ටුව කැතිත් අරගෙනම අතුරුදන් වෙනවා. ජෝෂ් මේ සිද්ධිය දකිනවා. සිද්ධිය දෙමාපියන්ට කීවට පිළිගන්නේ නෑ. එයාලා හිතන්නේ ඔලුව වැදුන නිසා ජෝෂ් පිස්සු කෙලිනවා කියලා. නමුත් අවසානයේදි තේරෙනවා කැතී ඇත්තටම නැතිවෙලා කියලා. නමුත් ජෝෂ් කියන දේ අහන්න එයාලා ලෑස්ති නෑ.

ඉතින් මේ බෝට්ටුව මොකක්ද? මාලු අල්ලන්න යන එකක් නෙමෙයි. මේක හදලා තියෙන්නේ මෙක් කියලා විද්‍යාඥයෙක්. එයා ජීවත් වෙන්නේ මකර අධිරාජයාගේ රාජධානියේ. ඉතින් මේ මකර රාජධානිය කියන්නේ වෙනත් ලෝකයක්. වෙනත් මානයක්. මේ බෝට්ටුවෙන් වෙන්නේ මානයන් අතර තියෙන විවිධ ලෝක අතරේ ගමන් කරනවා. මෙක් එයාගෙ පළවෙනි චාරිකාවෙදි තමයි මේ බෝට්ටුවෙන් කැතීගෙ ලෝකෙට ආවේ.

ඉතින් කැතී කෑලි බෑලි එහේ මෙහේ කරද්දි මේ බෝට්ටුවේ සැකසුම් නැත්තන් Settings හැදිලා තියෙන්නේ මායාබන්ධකයන්ගේ දේශයට. Land of the Spellbinder. ඉතින් මෙක්වයි කැතීවයි අරගෙන බෝට්ටුව ගියේ මායාබන්ධකයන්ගේ දේශයට. එහේදි නියම භාණ්ඩය මෙයාලට සෙට් වෙනවා. ඒ තමයි අශ්කා. කොහොම හරි ගැටයක් ගහලා අශ්කා කැතීවයි මෙක්වයි එක්ක මකර අධිරාජයාගේ රාජධානියට පැනගන්නවා.

ඊට පස්සේ මොකද වෙන්නෙ කියලා දැනගන්න නම් මේ කොටස බලන්නම වෙයි. මේ කොටස පරිවර්තනය කරලා ලියලා දුන්නේ මගේ නංගි. නිශාරා මධුවන්ති. එයාටත් ස්තූතිය දෙන ගමන්ම ලිපිය ඉවර කරනවා. එහෙනම් 03 වෙනි කොටසටත් උපසිරැසිය අරගෙන ඉක්මනින්ම එනකන් මායාබන්ධන රසික රසිකාවියන්ට ජය වේවා!!!

සිංහල උපසිරැසිය මෙතනින් බාගන්න.


අවශ්‍ය නම් ටොරන්ට් ෆයිල් එක මෙතනින් බාගන්න


Hash : 08B97BC00DEAFC4343A753B613612CD6E41EF180


Magnet

Tuesday, July 12, 2016

මකර රජදහන - 01

ඔන්න හා හා පුරා කියලා මායාබන්ධන මකර රජදහන රූපවාහිනී කතා මාලාවට උපසිරැසි අරන් එනවා. ඉතින් මේ කතා මාලාවත් ගොඩක් දෙනෙක් ඉතා ආසාවෙන් බලපු එකක්නෙ. ඒ නිසා ඉතින් මේ ගැන නොදන්න කෙනෙක් නැති තරම්.

කතාව ගැන කියනවානම් මේක සමාන්තර ලෝක කිහිපයක් ගැන කියවෙනවා. මෙක් කියන්නේ මකර අධිරාජ්‍යයෙන් අපේ ලෝකෙට ආව විද්‍යාඥයෙක්. එයා අපූරු සොයාගැනීමක් කරලා තියෙනවා. ඒක තමයි විවිධ මාන අතරෙ තියෙන ලෝක අතර ගමන් කරන්න පුලුවන් බෝට්ටුවක්. එයා ඒ බෝට්ටුවෙන් ආව මංගල ගමනෙදි තමයි කැතී හම්බ වෙන්නේ. ඉතින් කතාව ගැන ගොඩක් කියන්න යන්නෙ නෑ. අරගෙනම බලන්නකෝ.

විශේෂයෙන් කියන්න ඕනි දෙයක් තියෙනවා. මේ උපසිරැසිය ඔයාලට දෙන්න මං විතරක් නෙමෙයි මහන්සි වුනේ. මගේ නංගි නිශාරා මධුවන්ති තමයි මේ උපසිරැසි අහලා පරිවර්තනය කරලා දුන්නේ. ඉතින් මං නංගිටත් ගොඩක් ස්තූති කරන්න කැමතියි. ආසාලිවීමක් නිසා වැරදි අඩුපාඩු නම් ගොඩක් ඇති. ඒවා නිසා රසවින්දනයට නම් බාධාවක් වෙන්නෙ නෑ.

ඉතින් එහෙනම් සබ් එකත් අරගෙන පහළින් කොමෙන්ටුවක් එහෙම දාලා ගියාට කමක් නෑ. ගල් මුල් සේරම භාරගන්න ලෑස්තියි. එහෙනම් ඉතා ඉක්නින් 2 වන උපසිරැසියෙන් හමුවෙමු. ජය වේවා!!!

සිංහල උපසිරැසිය මෙතනින් ගන්න

ටොරන්ට් ෆයිල් එක මෙතනින් බාගන්න

Magnet

Hash Info : 08B97BC00DEAFC4343A753B613612CD6E41EF180

Sunday, July 10, 2016

Spellbinder-02 [Land of the Dragon Lord] මකර රජදහන


මායාබන්ධන කතා මාලාවේ දෙවන සීසන් එකත් අපි පොඩි දවස්වල ගොඩාක් ආසාවෙන් බලපු කතාවක්. මේ කතාමාලාවේ සමාන්තර ලෝක කිහිපයක් ගැන කතා කරනවා. ඉතින් අද ඉඳන් මායාබන්ධන රසිකයන්ට මේ කතා මාලාව නැවත රස විඳින්න පුලුවන් වෙයි කියලා හිතනවා. මායාබන්ධන රසිකයන්ට ටොරන්ට් එක හොයාගත්තට තියෙන ලොකුම අඩුපාඩුව තමයි උපසිරැසි නැතිකම. ඉතින් මං ලෑස්ති වෙන්නේ ඒ අඩුව පුරවන්න. මං විතරක් නෙමෙයි මගේ උදවුවට තවත් කෙනෙක් ඉන්නවා. ඒ තමයි මගේ නංගි. නිශාරා මධුවන්ති. එයා තමයි මේ උපසිරැසි අහලා ලියලා දෙන්නේ. මං ඉතින් ඒවා සිංහලට පරිවර්තනය කරලා උපසිරැසි ගොණුවේ ඉතිරි ටික හදනවා. අපි දෙන්නාගෙම උත්සාහයේ ප්‍රතිපලයක් විදිහට තමයි මේ උපසිරැසි ගොණුව ඔයාලගෙ අතට එන්නේ. ඉතිං නංගී, මං ඔයාට ගොඩාක් ස්තූති වන්න වෙනවා මේ කරන උදවුවට සියළුම මායාබන්ධන රසිකයන් වෙනුවෙන්.

මේ කතාමාලාව 1997 වසරෙදි තමයි නිෂ්පාදනය කලේ. IMDB අගය 7.9/10 ක් පමණ ලබාගෙන තියෙනවා. මං හිතන්නෙ ගොඩක් ඉහළ අගයක්. නමුත් මායාබන්ධන පළමු කතාමාලාවට වඩා පොඩි අඩුවක් තියනවා. ඉතින් එහෙනම් පළමු උපසිරැසියේ ඉඳන් අරගෙනම බලන්න. උපසිරැසියෙන් හමුවෙමු. ජය වේවා!!!